sQAhl - Sinhalese
පොදුප්රවාහනඔම්බඩ්ස්මන්වරයා සම්බන්ධයෙන්
Public Transport Ombudsman (පොදු ප්‍රවාහන ඔම්බඩ්ස්මන්වරයා) විසින් ලබාදෙන සේවාව සාධාරණ, නොමිලේ සහ කඩිනම් වන අතර ඒ මගින් පොදු ප්‍රවාහන පැමිණිලිවලට විසඳීම් ලබාදෙන අතර සැමට වඩා හොඳ සේවාවක් ලබාදීමට උපකාර කරයි.
ඔබ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් කථා කිරීමට කැමති නම්, අප හා සම්බන්ධවූ විට ඒ බව අපට දන්වන්න. ඔබ හට භාෂා පරිවර්තකයෙකු සූදානම් කර දිය හැකිය. ඔබ වෙනුවෙන් අප සමඟ කථා කිරීමට මිතුරෙකු හෝ පවුලේ අයෙකු නම් කිරීමද කළ හැකිය.
පහත ආකාරයේ පුළුල් පරාසයක පොදු ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් අපි කටයුතු කරමුඃ
- පොදු ප්‍රවාහන සේවාවලට බාධා ඇතිවීම්
- Myki සහ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන්
- පොදු ප්‍රවාහන කාර්ය මණ්ඩල සම්බන්ධ පැමිණිලි
- ආබාධිත අය සඳහා ප්‍රවේශය
- ඔබට බලපෑ හැකි පොදු ප්‍රවාහන වැඩ
අපට කටයුතු කළ නොහැකි කරුණු ඇත, ඒවා නම්, ප්‍රවේශ පත්‍ර මිල ගණන්, රජයේ ප්‍රතිපත්ති සහ දඩවලට එරෙහි අභියාචන. ඔබගේ පැමිණිල්ල අපට විමර්ශනය කළ නොහැකි වුවද, අපට උපදෙස් සහ තොරතුරු ලබාදිය හැකි අතර ඔබ හට උපකාර කළ හැකි අයෙකු වෙත යොමු කළ හැකිය.
අප ඔබට උපකාර කළ හැකි අයුරු
අප පැමිණිල්ලක් විමර්ශනය කරන විට, සාධාරණ සහ යුක්තිසහගත ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ඔබ සහ පොදු ප්‍රවාහන මෙහෙයවන්නා සමඟ එක්ව කටයුතු කරනු ඇත.
අපෙන් ලබාගත හැකි ප්‍රතිඵල අතර පැහැදිලි කිරීමක්, සමාව ගැනීමක්, මුදල් නැවත ලබා දීමක්, වන්දි ලබා දීමක් සහ ප්‍රතිපත්ති සහ ක්රියාපටිපාටීන්වල වෙනස්කම් සිදු කිරීම ඇත.
අප පොදු ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටළු විමර්ශනය කරන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනය නගා සිටුවීම සඳහා පොදු ප්‍රවාහන මෙහෙයවන්නන් සහ රජය සමඟ එක්ව කටයුතු කරමු.
අප හා සම්බන්ධවීම
1800 466 865 (සදුඳා සිට සිකුරාදා 09:00 – 17:00)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
131 450 (ඔබට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය නම්)


The Public Transport Ombudsman respectfully acknowledges the traditional custodians of the land on which we operate our services. We pay our respects to the ongoing living cultures of Aboriginal peoples, and to Elders past, present and future.